සිරිලකේ ගැටලු 1 - විල්පත්තු අධිකරණ තීන්දුව සහ අනාගත පරිසරයේ ඉරණම..........
විල්පත්තු අධිකරණ තීන්දුව සහ අනාගත පරිසරයේ ඉරණම..........
පසුගිය සතියේ දී මෙරට වනාන්තර වල අනාගත ඉරණම පිළිබඳ අතිශය තීරණාත්මක මෙන්ම සිත ගැස්සෙන සිදුවීමක් වාර්තා විය. එනම් 2015 වර්ෂයේ සිට මේ දක්වා ඇසුනු විල්පත්තු නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කිරීමයි.
විල්පත්තු පරිවාර වනාන්තරයේ අක්කර 2388 ක භූමි ප්‍රමාණයක් විලත්තිකුලම්, කල්ලාරු, මරිච්චිකඩ්ඩි යන ප්‍රදේශවල වනාන්තරය විනාශ කොට අවතැන් වූ ජනතාව නැවත පදිංචි කිරීම නීති විරෝධී බවට දක්වමින් පරිසර යුක්ති කේන්ද්‍රය විසින් මෙම අධිකරණ ක්‍රියාමාර්ගය ගන්නා ලදී.
මාතෘකාවට පැමිණීමට පෙර දණ්ඩ නීති සංග්‍රහයේ අංක 366 වන පැහැදිලි කිරීම වෙත යොමු වෙමු.
"යම් දෙයක් පොළවට සම්බන්ධ වී තිබෙන තාක් එය චංචල දේපළක් නොවන හෙයින් එය සොරකම් කළ හැකි දෙයක් නොවේ. එහෙත් එය පොළොවෙන් වෙන්කල විගස එය සොරකම් කළ හැකි දෙයක් බවට පත්වේ."
පරිසරය පිළිබඳ දණ්ඩ නීති සංග්‍රහයේ එසේ සඳහන් වන අතර විල්පත්තු පරිවාර වනාන්තරය විනාශ කිරීම ඒ අනුව බරපතළ අපරාධමය ස්වරූපයක් ගනී. හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල්, මධ්‍යම පරිසර අධිකාරිය ඇතුළුව තවත් ආයතන කිහිපයක් වගඋත්තරකරුවන් ලෙස නම් කරන ලදී.
2020 නොවැම්බර් 16 අභියාචනාධිකරණය විසින් පිටු දාහතරක් සහිත නඩු තීන්දුවක් ප්‍රකාශයට පත් කරන ලදී. මෙම නඩු තීන්දුවේ දී නීති තර්කයක් ගෙන එන අභියාචනාධිකරණය පවසන්නේ පැමිණිලි පාර්ශවය විසින් විත්තියේ පාර්ශ්වයට අදාළව අනවසර පදිංචිකරුවන්ගේ නම් ලැයිස්තුවක් ඉදිරිපත් කර නොමැති හෙයින් අදාල භූමියෙන් ඔවුන් ඉවත් කිරීමේ නියෝගයක් අධිකරණයට ලබා දිය නොහැකි බවය. එයින් අධිකරණය හඟවන්නේ මෙහි වරද කරුවෙකු නොමැති බවද?
මීළඟට මෙම අධිකරණ තීන්දුවෙන් නැවත වන වගා කිරීම පිළිබඳ මෙසේ සඳහන් කර ඇත.
"Having taken into consideration all the circumstances of case court shoes and order in the nature of manamus ordering the first respondent conservator general department of forest conservation."
"To take action to implement to tree planting program under and in terms of the provisions of forest ordinance No 16 of 1907 as amendment."
"In any area equivalent to reserve forest area use for resettlement of IDPS"
මෙහි සරල අර්ථය වන්නේ පළමුවන වගඋත්තරකරු වන වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් විසින් මාස දෙකක් තුළදී විනාශ කළ භූමියට සමාන වපසරියක් රටේ ඕනෑම තැනකින් සපයාගෙන රුක් රෝපණයට යනු ලබන වියදම් ගණන් බලා නඩුවේ හත්වන වගඋත්තරකරු වන රිෂාඩ් බදියුදීන් වෙත දැන්විය යුතු බවත් රිෂාඩ් බදියුදීන් විසින් මාසයක් ඇතුළත අදාල ගාස්තු සමඟ රිසර යුක්ති කේන්ද්‍රයට (පැමිණිලි පාර්ශ්වයට) නඩු ගාස්තු ගෙවිය යුතු වන බවය. එසේම මෙම නඩු තීන්දුව ලබාදී ඇත්තේ 1907 අංක 16 දරන වන සංරක්ෂණ පනත යටතේ බව තව දුරටත් සඳහන් වේ.
මෙම තීන්දුව Polluter Pays යන මූලධර්මයට යටත් ව ලබා දුන් බව ප්‍රකාශ කෙරේ. එනම් පරිසරය දූෂණය කළ පුද්ගලයා එය ගෙවනු ලබන බව එකී සිද්ධාන්තයයි.
පරිසර යුක්ති කේන්ද්‍රයේ සභාපති නීතිඥ රවීන්ද්‍රනාත් දාබරේ මහතා පවසන ලද්දේ මෙය ඓතිහාසික නඩු තීන්දුවක් වන බවය. ප්‍රසිද්ධ ජනමාධ්‍ය ද බව ප්‍රකාශ කර තිබෙනු දක්නට ඇත.
රටක අධිකරණ තීන්දුවක යහපත සේම අයහපතද ප්‍රකාශ කිරීමට ප්‍රජාතන්ත්‍රවාදී රටක ජනතාවට අයිතිවාසිකමක් ඇත. විශේෂයෙන්ම පරිසරය සම්බන්ධ සංවේදී නඩු තීන්දුවකදී.
නිවැරදි ක්‍රමවේදය අනුව නම් විනාශ කළ සම්පූර්ණ භූමියේ නීති විරෝධී ඉදිකිරීම් සහමුලින්ම ඉවත් කොට වනය නැවත නිදහසේ වර්ධනය වන්නට ඉඩ තැබීම හෝ රුක් රෝපණය සිදු කිරීම නියෝගයක් වශයෙන් ලබාදීමට අධිකරණයට හැකියාව තිබිණ. නමුත් නීතියේ තිබූ හිඩැස අපරාධකරුවන්ට සහනයක් සලසා ඇත.
එසේම අදාල භූමියේ වනය නැවත පිහිටුවන්නේ ද නැත. ජනශූන්‍ය කරන්නේද නැත. සිදුව ඇත්තේ ඊනියා ජනපදිකරණය අධිකරණය හරහා නීත්‍යානුකූල කිරීමකි. වනාන්තර විනාශය සාධාරණීකරණය කිරීමකි.
මෙම නඩු තීන්දුවට සමාන අධිකරණ තීන්දුවක් එදා 1990 දශකයේ දී ඉන්දියාවේ ලබා දී ඇත. නර්මදා වේල්ල තැනීමේ අරමුණින් නර්මදා මිටියාවත විනාශ කිරීමේ කූට සැලසුම් සකස් වී තිබිණ. මෙහිදී අරුන්දතී රෝයි, මේධා පත්කර් වැනි සමාජ ක්‍රියාකාරිකයන් රැසක් දුගී දුප්පත් නූගත් සාමාන්‍ය ජනතාව ඊට විරුද්ධව පෙළගස්වා අධිකරණ ක්‍රියාමාර්ගයක් දක්වා මෙම සිදුවීම රැගෙන යන ලදී. අවසානයේදී එරට අධිකරණය ද ලබා දුන්නේ මෙරට අධිකරණය ලබාදුන් තීන්දුව හා සමාන නඩු තීන්දුවකි.
බැලූ බැල්මට මෙම නඩු තීන්දුව ජනතාවාදී ලෙස පෙනී යා හැක. නමුත් අවසන් විග්‍රහ කිරීමකදී සියලු අපරාධකරුවන් බේරී යාම සිදුවී ඇති බව පෙනේ.
මෙම අධිකරණ තීන්දුවේ භයානක තත්වය නම්......
සාමාන්‍යයෙන් ඕනෑම නඩු විමසුමකදී අතීත නඩු විභාග තීන්දු යම්කිසි හෝ අධ්‍යයනයක් මෙන්ම නීති තර්ක ලෙස (legal point) යොදා ගැනීමේ හැකියාව පවතී.
එවැනි නීති තර්ක යොදා ගනිමින් අධිකරණ ක්‍රියාමාර්ගවලින් දඩුවම්වලින් බේරී ගොස් සිත් සේ පරිසරය විනාශ කර දමනු ඇත. එසේම විනාශයද නීත්‍යානුකූල වනු ඇත.
පරිසර විනාශයට එරෙහිව ලබාදුන් ඓතිහාසික නඩු තීන්දුවක් ලෙස පවසනවාට වඩා මෙරට අනාගතයේ පරිසරයේ ඉරණම මෙම නඩු තීන්දුවෙන් ඉඟි කොට ඇත.
" හරිම ලේසියි. ඕන කෙනෙකුට වනයක් කපල නැවත පැළ ටිකක් හිටවන්න පුළුවන්. ඒකත් වනය තිබුණු පොලොවෙ නෙවෙයි. වෙන ඕනම තැනක."
*නැවත වන රෝපණය සිදුකරන්නේ කුමන ප්‍රදේශයකද?
*ඒ සඳහා කොපමණ කාලයක් ලබාදී තිබෙනවාද?
*ලබා දුන් නියෝගය හරියාකාරව සිදු වේද?
*එය අධීක්ෂණ කටයුතු සිදු කරන්නේ කවුද?
යන්න පිළිබඳ තවදුරටත් විමසිල්ලෙන් සිටිය යුතු වේ. මන්ද අපරාධකරුවන් එයින්ද ලෙස්සා යා හැකි බැවිනි.
Disorder in Sri Lanka 🇱🇰
x
x
Comments
Post a Comment