Posts

රට 1 - 1

      විල්පත්තු අධිකරණ තීන්දුව සහ අනාගත පරිසරයේ ඉරණම..........        පසුගිය සතියේ දී මෙරට වනාන්තර වල අනාගත ඉරණම පිළිබඳ අතිශය තීරණාත්මක මෙන්ම සිත ගැස්සෙන සිදුවීමක් වාර්තා විය. එනම් 2015 වර්ෂයේ සිට මේ දක්වා ඇසුනු විල්පත්තු නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කිරීමයි.         විල්පත්තු පරිවාර වනාන්තරයේ අක්කර 2388 ක භූමි ප්‍රමාණයක් විලත්තිකුලම්, කල්ලාරු, මරිච්චිකඩ්ඩි යන ප්‍රදේශවල වනාන්තරය විනාශ කොට අවතැන් වූ ජනතාව නැවත පදිංචි කිරීම නීති විරෝධී බවට දක්වමින් පරිසර යුක්ති කේන්ද්‍රය විසින් මෙම අධිකරණ ක්‍රියාමාර්ගය ගන්නා ලදී.          මාතෘකාවට පැමිණීමට පෙර දණ්ඩ නීති සංග්‍රහයේ අංක 366 වන පැහැදිලි කිරීම වෙත යොමු වෙමු.     "යම් දෙයක් පොළවට සම්බන්ධ වී තිබෙන තාක් එය චංචල දේපළක් නොවන හෙයින් එය සොරකම් කළ හැකි දෙයක් නොවේ. එහෙත් එය පොළොවෙන් වෙන්කල විගස එය සොරකම් කළ හැකි දෙයක් බවට පත්වේ."     පරිසරය පිළිබඳ දණ්ඩ නීති සංග්‍රහයේ එසේ සඳහන් වන අතර විල්පත්තු පරිවාර වනාන්තරය විනාශ කිරීම ඒ අනුව බරපතළ අපරාධමය ස්වරූපයක් ගනී. හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල්, මධ්‍යම පරි